Thursday, April 25, 2024

General line - 0115112241

අස්ගිරි ගිය ඥාණසාර හිමියන්ගේ  බලාපොරොත්තු ඉටු නොවේ 




බොදුබලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද අස්ගිරි පාර්ශවයේ මහා නායක අති පූජ්‍ය වරකාාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් බැහැ දැකීමට මහනුවරට පැමිණියා. 

එහෙත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මහ නායක හිමියන් හමුවීමට එහි දී අවස්ථාව උදා වූයේ නැහැ.

 අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කියා සිටියේ පසුගියදා අස්ගිරි පාර්ශවය විසින් නිකුත් කෙරුණු නිවේදනය ඉතා කාලෝචිත බවත් ඉදිරියේදී ඒ අනූව කටයුතු කළ යුතු බවයි.