Saturday, April 20, 2024

General line - 0115112241

නිදන ඇඳමත ලේ විලක් මැද ඇගේ යොවුන් දිවිය නිමවේ - කොට්ටාවේ සුවිසල් නිවසේ ඝාතනයක් (PHOTO)




කොට්ටාව පොලිස් බල ප්‍රදේශයේ නිවසක උඩු මහලක තිබී තරුණියකගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

ඇගේ සිරුර පුරා උල් ආයුධයකින් පහර කෑ සළකුණු ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

නිදන කාමරයේ ඇඳක් මත මෙලෙස  ඝාතනය  කර ඇත්තේ තරින්දි ආලෝකා නැමති විසි හය හැවිරිදි තරුණියක්වයි.

ප්‍රේම සබඳතාවක් නිසා ඇයව ඝාතනය  කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

මාතර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු සමග ප්‍රේම  සබඳතාව ඇය පවත්වා ඇත්තේ දෙමාපියන්ගේ කැමැත්තක් ඉටු කිරීම සඳහා වන අතර ඇය ඔහුට අකමැති බවක් දැන්වූ බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මෙම තරුණයා ඊයේ (21) ඇය හමුවීමට පැමිණ තිබෙනවා.

තරින්දි ආලෝකා නැමති තරුණිය මරා දමා තිබෙනු මුලින්ම දැක ඇත්තේ පාසැල් ගොස් පැමිණි ඇගේ සොයුරියයි.

හෝමාගම සහකාර පොලිස් අධිකාරී ක්‍රිෂාන්ත ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙනවා.

(ඝාතනයට ලක්වූ  තරින්දි ආලෝකා තරුණියගේ මීට දින කිහිපයකට පෙර ලබාගත් ඡායාරූපයක් )