Tuesday, April 23, 2024

General line - 0115112241

ශාරීරික යෝග්‍යතාවෙන් 'මැතිව්ස් පස්සට දමා' අටක් ඉස්සරහට ආපු හැටි 




විශේෂ ශාරීරික යෝග්‍යතා සැසිය සඳහා සහභාගිවූ  ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස් හය වැනි තැනට පත්ව ඇතැයි වාර්තා වනවා.


ඒ, මීටර විස්‌සේ කාලය ගණනය කරන ලද තරගයේ දී.

නුවන් කුලසේකර පළමු ස්ථානය  ද  ලසිත් මාලිංග දෙවැනි ස්ථානය ද මිලින්ද සිරිවර්ධන  තෙවන ස්ථානයද ලබා ඇති අතර සිව්වැනි තැනට ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්‌ සහ දිනේෂ් චන්දිමාල් පත්ව තිබෙනවා.

පස්‌වැනි තැන ළහිරු කුමාරට හිමිව ඇති අතර  ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ හය වැනි තැනටත් සීක්‌කුගේ ප්‍රසන්න හත්වැනි තැනටත් පත්ව ඇතැයි වාර්තා වනවා.


ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය, ක්‍රිකට්‌ කළමනාකරු සහ තේරීම් කමිටු සාමාජික අසංක ගුරුසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෛද්‍ය කමිටු සභාපති අර්ජුන ද සිල්වා, දක්‍ෂතා ඉහළ දැමීමේ කළමනාකරු සයිමන් විල්ස්‌, පුනරුත්ථාපන කළමනාකරු නිර්මාලන් තනබලසිංහම් සහ ශාරීරික පුහුණුකරු නිකලොස්‌ ලී යන කාර්ය මණ්‌ඩලයේ අධීක්‍ෂණය යටතේ අදාළ ශාරීරික යෝග්‍යතා වැඩමුළුව ක්‍රියාත්මක වී තිබෙනවා.