Thursday, March 28, 2024

General line - 0115112241

වෛද්‍යවරයෙක් 'රෝහල් ගත කළ' සයිටම් තේ මේසයේ ගැටුම




ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විද්වත් සමුළුවකදී වෛද්‍යවරුන් පිරිසක් අතර ඇති  වු ගැටුමකින් පහර කෑමට ලක්වූ  එක් වෛද්‍යවරයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසනවා.


සයිටම් සම්බන්ධයෙන් පැවති මෙම විද්වත් සමුළුව  ඊයේ (22) පස්වරු 1.30 ආරම්භ කළ අතර  අවසානයේ පැවති  තේපැන් සංග්‍රහයක්  අතර තුර ඇති වු  කතාබහක්  දුරදිග ගොස්  මෙම පහර දීම සිදුව ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

සිද්ධයෙන්  පහර කෑමට ලක්ව වූ වෛද්‍යවරයා කොළම ජාතික රෝහලේ  ප්‍රතිකාර ලබනවා.