Friday, April 19, 2024

General line - 0115112241

"සාපරාධී බියවැද්දීම්" - අකිලට පැමිණිලි 




සේවාස්ථ පුහුණු සඳහා කැඳවීමේදී අධ්‍යාපන  අමාත්‍යංශ නිලධාරීන්ට සාපරාධී බියවැද්දීම් සහිත තර්ජනයක් සිදුකරමින් ඇති බව ලංකා පිිරිවෙන් ගුරුසේවා සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති වකමුල්ලේ උදිත හිමියන් මේ බව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් වෙත ලිපියක් යවා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ඒකකයේ අධ්‍යක්‍ෂවරයාගේ අනුදැනීමෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්) මාවතවැවේ රතනවංශ ස්වාමීන් වහන්සේගේ අත්සනින්  යැවූ ලිපියක් මගින් උතුරු මැද පරිවේණාචාර්යවරුන්ට වැඩමුළුවට සහභාගි වන ලෙස දන්වා  ඇති බවත් නොපැමිණෙන පරිවේණාචාර්යවරුන්ගේ වැටුප් නතර කොට වෙනත් දිස්ති‍්‍රක්කයක එම විෂය සඳහා පුහුණුව ලැබීමෙන් පසුව පමණක් නැවත ලබා දීමට කටයුතු කරන බවත් දන්වා ඇති බවයි එම ලිපියේ සඳහන් වන්නේ.

නොඑසේ නම් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට සිදුවන බව විශේෂයෙන් දන්වමි යනුවෙන්ද එහි සටහන් කර ඇති බවයි වකමුල්ලේ උදිත හිමි සඳහන් කර ඇත්තේ.