Saturday, April 20, 2024

General line - 0115112241

විශේෂ කාර්ය බලකාය රජයේ රෝහල් ප්‍රතික්ෂේප කරයි!




කිසියම් රාජකාරී කටයුත්තක දී සිය නිලධාරීන්ට තුවාල සිදුවුවහොත් මින් ඉදිරියට ඔවුන් රජයේ රෝහල්වලට ඇතුළත් නොකිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනූව තුවාල ලබන සිය නිලධාරීන් පොලිස් රෝහලට හෝ පෞද්ගලික රෝහලකට පමණක් ඇතුළත් කිරීමටයි ඔවුන් සූදානම් වන්නේ. 

සරසවි සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පෙරේදා කළ උද්ඝෝෂණය විසුරුවා හැරීමට ගිය අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තුන් දෙනෙකු ද තුවාල ලැබුවා. ප‍්‍රතිකාර ස`දහා ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණත් වෛද්‍යවරුන් ඔවුන්ට ප‍්‍රතිකාර කිරීමට ප‍්‍රමාණවත් උනන්දුවක් නොදැක්වූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය මීට පෙර ප‍්‍රකාශ කළේ. කිසියම් රාජකාරි කටයුත්තක දී සිය නිලධාරීන්ට තුවාල සිදු වුවහොත් මින් ඉදිරියට ඔවුන් රජයේ රෝහල්වලට ඇතුළත් නොකිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අවධානය යොමු වී ඇත්තේ ද ඒ අනූවයි.