Friday, April 19, 2024

General line - 0115112241

අද සිට තද වැසි! සුළි කුණාටු අවධානමක් නැහැ




ශ‍්‍රී ලංකාවේ නිරිත දිග ප‍්‍රදේශවලට අද සිට යළිත් වැසි වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 



ශ‍්‍රී ලංකාවේ නිරිත දිග ප‍්‍රදේශවලට අද සිට යළිත් වැසි වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මීට දින කිහිපයකට පෙර සිටම අනාවැකි පළ කළා. ඒ සමග ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ ආපදා වළක්වා ගැනීම සඳහා මහජනතාව දැනුවත් කරන බවයි. ගංගාවල ජල මට්ටම් පිළිබඳව ද, නායයාම් සිදු විය හැකි ස්ථාන පිළිබඳව ද නිරන්තර අවධානයෙන් සිටින බව එහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මෙම තත්වයන් නිසා ඇතැම් ප‍්‍රදේශවල ජනතාව බියපත්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. දැඩි ව්‍යසනකාරී සුළි කුණාටුවක් ඇතිවන බවට ද රාවයක් පැතිර ගොස් තිබෙනවා. 

එහෙත් සුළි කුණාටුවක් ඇතිවීමේ අවදානමක් මෙම අවස්ථාවේ නොමැති බවයි නෙත් නිවුස් ඊයේ කළ විමසීමක දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කළේ. ඒ අනුව අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියා.