Thursday, April 25, 2024

General line - 0115112241

ඩෙංගු නසන අලුත් මදුරුවා නගරයට අකමැතිලු




ඩෙංගු වාහක මදුරු කීටයන් විනාශ කිරීම සඳහා හඳුනාගත් නව මදුරු විශේෂය මේ වනවිට කුණ්ඩසාලේ සහ පේරාදෙණිය යන ප‍්‍රදේශවලට මුදාහැර ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා. මේ, එහි පරපෝෂිතවේද සහ කීට විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ. 

හඳුනාගත් නව මදුරු විශේෂය නාගරික පරිසරවලට මුදා හැරීම තවමත් අභියෝගයක් වී ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

මෙම නව මදුරු විශේෂය මිනිසුන්ට දෂ්ට නොකරන බවද, ඔවුන්ගේ ආහාරය වන්නේ මල් පැණි බවද වෛද්‍ය පර්යේෂණ ආයතනය මීට පෙර කියා සිටියා.