Thursday, April 25, 2024

General line - 0115112241

බීමතින් ගැටුමක්! උඩුමහළෙන් වැටී අයෙක් මරුට




මුල්ලේරියාව වැලිවිට ප‍්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් අතරතුර සිදු වූ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඉදිකරමින් පවතින නිවසක දෙවන මහලේ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එහිදී පහරදීමට ලක්වූ පුද්ගලයා දෙවන මහලෙන් ඇද වැටී ඇති  අතර නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් තිබෙනවා. එම පුද්ගලයා කුරුවිට, එරත්න පාර ප‍්‍රදේශයේ පදිංචින සිටි පනස් තුන් හැවිරිදි අයෙක්. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ස`දහා මුල්ලේරියාව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.