Friday, March 29, 2024

General line - 0115112241

මහ වැස්සේ තෙමෙමින් 'රුසියානු නායකයා' විරුවන් වෙනුවෙන් ගරුත්වය පුද කළ සංවේදී මොහොත  




රුසියාවේ ජනාධිපති වැලැඩ්මීර් පුටින්ගේ සහභාගීත්වයෙන් එරට හිට්‌ලර්ගේ හමුදාව සෝවියට්‌ රුසියාව  ආක්‍රමණය කිරීම සහ රුසියාව ජයග්‍රාහී ලෙස නාසි හමුදාව පරාජය කිරීමේ අවස්ථාව සිහිපත් කරනු  ලැබුවා.

1941 ජුනි 22 වැනිදා හිට්‌ලර්ගේ හමුදාව සෝවියට්‌ රුසියාව ආක්‍රමණය කළ අතර  ඊට විරුද්ධව රුසියාව ජයග්‍රාහී ලෙස නාසි හමුදාව පරාජය කරනු ලැබීමයි මෙලෙස සිහිපත් කරනු ලැබුවේ.

රුසියාව තුළ මතකය හා ශෝකය අවදි කළ එම මොහොතේ දැඩි වර්ෂාවක් පතිත වී ඇති අතර එම අවස්ථාවේ වැස්සේ තෙමෙමින් රුසියානු නායකයා එම අවස්ථාවට සහභාගිවූ බවයි එරට මාධ්‍ය පවසන්නේ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වෙනවා.