Thursday, April 25, 2024

General line - 0115112241

රට පුරා රෝහල් අඩපණයි




මාලඹේ සයිටම් ආයතනයට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූ සරසවි සිසුන් පිරිසකට පොලිසිය සිදු කළ බව කියන පහරදීමට විරෝධය පල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වනවිටත් වැඩවර්ජනයක යෙදී සිටිනවා. මේ හේතුවෙන් ඊයේ මෙන්ම අදත් රට පුරා රෝහල් රැසක ප‍්‍රතිකාර සේවා අඩාල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.


උතුරු පළාත තුළද අදත් වෛද්‍ය වැඩවර්ජනය ක‍්‍රියාත්මක වනවා. වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් උතුරුමැද පළාතේ රෝහල්වල ද ප‍්‍රතිකාර සේවා අඩාල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු කියා සිටියේ. 

මේ අතර සිය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක‍්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (23) උදෑසනත් රැස් වුණා.