Tuesday, April 23, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය පුංචි ඡන්දය ඉල්ලා අමාත්‍යංශයට




ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හිටපු පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් අද (23) පෙරවරුවේ පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශය වෙත පැමිණියා. උද්ඝෝෂණයක යෙදෙමින් ඔවුන් ආණ්ඩුවට බල කර සිටියේ තවත් කල් නොදමා පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසයි.

පසුව උද්ඝෝෂණයින් නියෝජනය කරමින් කිහිප දෙනෙකුට සාකච්ඡාවක් සඳහා කැඳවීමක් ලැබුණා. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය තුළ මේ වනවිට එම සාකච්ඡාව පැවැත්වෙන බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.