Saturday, April 20, 2024

General line - 0115112241

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට




අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මරදාන පොලිසිය විසින්. මාධ්‍ය සාකච්ඡුාවකට ගොස් යළි පැමිණෙමින් සිටිය දී ඔහු සහ තවත් සරසවි සිසුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත්දා පැවති සයිටම් විරෝධි සිසු උද්ඝෝෂණයේ දී සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදී එහි දේපළවලට හානි කිරීමේ චෝදනා මතයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.