Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ පුහුණුකරු ඔබද? ගුරුසිංහ කියන කතාව




ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ග‍්‍රැහැම් ෆෝඞ් මේ දිනවල ශ‍්‍රී ලංකාවෙන් බැහැරව ගොස් සිටින්නේ පෞද්ගලික නිවාඩුවක් සඳහා බව එහි කළමනාකරු අසංක ගුරුසිංහ පවසනවා. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට ග‍්‍රැහැම් ෆෝඞ් සූදානම් වන බවයි.

එළඹෙන සිම්බාබ්වේ සංචාරයේ දී ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස අසංක ගුරුසිංහ කටයුතු කරනු ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල සඳහන්. නෙත් ස්පෝර්ට්ස්මන් ඒ සම්බන්ධයෙන් ද අසංක ගුරුසිංහගෙන් ප‍්‍රශ්න කළා. තමා ඒ සම්බන්ධයෙන් දැනුවත් නොමැති බවත් ක්‍රිකට් පාලක මණ්ඩලය එවැන්නක් පවසා නැති බවත් ඔහු පැසුවා.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය මෙම මස අගදී ආරම්භ වනවා.