Wednesday, April 17, 2024

General line - 0115112241

රන් කැකුළු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රදානය සාර්ථකව නිමවේ 




ලංකා බැංකුව සංවිධාන කරන රන් කැකුළු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රදානය ඊයේ පැවැත්වුණා. 

ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි. 

මෙහිදී 2016 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ලකුණු 174 සීමාව ඉක්මවූ රන් කැකුළු ගිණුම් හිමි දරු දැරියන් 150කට පමණ ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණා. 

එහිදී එක් දරුවෙකුට ප්‍රදානය කෙරුණු මුදල රුපියල් පහළොස් දහසක්.

ශිෂ්‍යත්ව දිනයේ දී හෝ ඊට පෙර රන් කැකුළු ගිණුමක රුපියල් පන්දහසක ශේෂයක් පවත්වාගෙන යාමෙන් හෝ දිවයින පුරා ඇති ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් රන් කැකුළු ගිණුමක් ඇරඹීමෙන් ලංකා බැංකුව ප්‍රදානය කරන රන් කැකුළු ශිෂ්‍යත්වය සඳහා සුදුසුකම් ලබාගත හැකි වනවා.