Friday, March 29, 2024

General line - 0115112241

ඉවත් වූ පොලිස් මාධ්‍ය පුටුවට පැමිණි පරණ සාමාජිකයා




නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත්ව තිබෙනවා. 

රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් පරිදි තමන් එම ධුරයෙන් ඉවත් වූ බවයි නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පැවසුවේ. 

ඒ අනූව පොලිස් අධිකාරි රුවන් ගුණසේකර නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කළා. 

ඔහු මීට පෙර ද එම ධූරයේ කටයුතු කර තිබෙනවා.