Friday, March 29, 2024

General line - 0115112241

අනවසරයෙන් විවාහ වීම හේතුවෙන් පත්වීම් අවලංගු වූ පොලිසියේ 149 දෙනෙකු යළි සේවයට




ආධුනික කාලය තුළ අනවසරයෙන් විවාහ වීම හේතුවෙන් පත්වීම් අවලංගුව සිටි ආධුනික පොලිස් නිලධාරීන් 149 දෙනෙකු නැවත සේවයට බදවා ගැනීමට තීරණය කර තිබෙනවා. 

2009 වසරේ මැයි මස 18 වැනි දා සිට 2016 වසරේ දෙසැම්බර් 31 දක්වා ආධුනික කාලය තුළ දී පොලිසියේ නිසි අවසරයකින් තොරව ඔවුන් විවාහ වී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. 

ඒ සඳහා කොන්දේසි 04ක් පැනවීමට ද තීරණය කර තිබෙනවා. 

නවක නිලධාරියෙකු ලෙස නැවත සේවයට බඳවා ගැනීම, ධාරිතා සංවර්ධන පාඨමාලාවකට යොමු කිරීම, සේවයේ නොසිටි කාලයට අදාලව පසුබිම් වාර්තාවක් ලබා ගැනීම හා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීම අදාල කොන්දේසි වනවා. 

ඒවාට යටත්ව නැවත සේවයට එක්වීමට එකඟ වන බවට දිවුරුම් ප්‍රකාශයක් ලබන මස 25 වැනි දාට පෙර පොලිස් මූලස්ථානය වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු බවයි පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ.