Saturday, April 20, 2024

General line - 0115112241

කීර්ති තෙන්නකෝන් තනතුරු හැර යයි !




දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක තනතුරෙන් හා අනෙකුත් වගකීම්වලින් ඉවත් වූ බව සිවිල් ක්‍රියාකාරිකයෙකු වන  රජිත් කීර්ති තෙන්නකෝන් සඳහන් කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔහු සඳහන් කර ඇත්තේ එකිනෙකට වෙනස් වූ දේශපාලනික හා මතවාදී අදහස් පසෙක ලා දුෂණ විරෝධී සංස්කෘතියක් ගොඩ නැගීමට  ගෙවී ගිය වසර දෙකකට වැඩි කලක් එක්ව කටයුතු කළ බවයි.

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා වන්නේ ද ඔහුයි.


දුෂණ විරෝධී පෙරමුණේ  උලපනේ සුමංගල හිමියන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට පැමිණි අවස්ථාවේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පසුගියදා විවිද විවේචන එල්ල වී තිබුණා.