Thursday, April 25, 2024

General line - 0115112241

අයිෆෝනයට ෆොටෝ ප්‍රින්ටරයක් පැමිණෙයි




මෙම උපාංගය සරලවම අයිෆෝනය වෙත සවි කළ හැකි නිමාවකින් යුක්ත ප්‍රින්ටරයකි. 

එය අයිෆෝනයෙන් ඡායාරූප ගැනීමේදී වඩාත් ස්ථායී හැඬලයක් ලෙසින් භවිත කිරීමේ හැකියාව ද තිබෙනවා.

පෙනුමෙන්ද ඉතා කුඩා ප්‍රමාණයේ ප්‍රින්ටරයක් ලෙසින්ම දිස් වන මෙය අයිෆෝනයේ පහත කෙළවරට සවි වේ. 

එසේම මෙය අයිෆෝනයෙන් ගැලවූ විට ඔබේ කලිසම් සාක්කුවේ පහසුවෙන් දමාගෙන යෑමට හැකි තරම් හුරුබුහුටි උපාංගයක් බව පෙනෙනු ඇත.

මෙම උපාංගය සමගින් එන යෙදුම ඔබේ අයිෆෝනයේ ස්ථාපනය කළ යුතුවේ. 

ඉන්පසුව ඔබේ ඡායාරූප ගැලරියේ නැතිනම් ඔබේ ක්ලවුඩ් මතකයක නැතිනම් සමාජ ජාල ගිණුමක ඇති ඡායාරූපයක් වුවත් ගැටලුවක් නැතිව මුද්‍රණය කරගැනීමට මෙයින් හැකියාව ලැබේ. 

මෙයට අමතරව පැරණි පොලොරොයිඩ් කැමරාවක ක්‍රියාකාරීත්වයේදී මෙන් ඔබ ගන්නා ඡායාරූපයක් එසැණින්  මුද්‍රණය  කරගැනීමටද ඔබට මින් හැකියාව ලැබෙනු ඇත.

එසේම යෙදුම සමගින් සුවිශේෂී ෆිල්ටරයන් කට්ටලයක්ද පැමිණෙන අතර, එමගින් ඔබ ගන්නා ඡායාරූපයන්ට ෆිල්ටරයන් එක් කොට වැඩිමනත් පෙනුමක් ලබාදීමටද හැකියාව ලැබේ. 

මෙම උපාංගය ඔබේ ඡායාරූපයන් මුද්‍රණය කිරීමට භාවිත කරන්නේ ZINK photo paper වන අතර, එය පැමිණෙන්නේ පිටුපස ඇලවෙන ස්ථරයක්ද සමගින්ය. 

එනම් ඔබට පසුපස ලේයරය ගලවා ඔබේ ඡායාරූපයන් ස්ටිකර් ලෙසින්ද භාවිත කිරීමට හැකිවනු ඇත.