Wednesday, April 24, 2024

General line - 0115112241

බෞද්ධයින්ව අන්තවාදීන් ලෙස මුද්‍රා තැබීම හෙළා දකිනවා - රාමඤ්ඤ මහා නිකායෙන් විශේෂ නිවේදනයක්




රටේ නීතිය පොදු සාධාරණ ක‍්‍රමවේදයකට අනුව ක‍්‍රියාත්මක නොවීම නිසා භික්‍ෂු සමාජය තුළ මෙන්ම සිංහල බෞද්ධ සමාජය තුළ වර්තමානයේදී යම් අසහනකාරීත්වයක් උද්ගතව ඇති  බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නිවේදනයක්  නිකුත් කරමින් පෙන්වා දෙනවා.

හේතු කාරණා නොසලකා භික්‍ෂූන් වහන්සේ හා බෞද්ධ ජනතාව අන්තවාදීන් ලෙස මුද්‍රා තැබීමට ඇතැමුන් ගන්නා උත්සාහයන් හෙළා දකින බවයි රාමඤ්ඤ මහා නිකාය ඉන් පෙන්වා දී ඇත්තේ.

ඇතැම් සංවිධාන ජාතික හා සාසනික ගැටලූ හමුවේ ක‍්‍රියාකළ අපරිණත ස්වරූපය නිසා ද බුදු සසුනට හානියක් වූ බවද එහි සඳහන්ව තිබෙනවා.