Friday, March 29, 2024

General line - 0115112241

සරසවි ප්‍රහාරය ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්




සයිටම් විරෝධී සරසවි සිසුන්ට එල්ල වූ ප්‍රහාරය මෙරට සරසවි අරගල ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් එල්ල කළ මිලේච්ඡතම ප්‍රහාරය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තමන් එම පහරදීම ඇතුළත් දර්ශන නැරඹුවේ දැඩි කම්පනයකින් බවයි. 

එම ප්‍රහාරය තමන් හෙළා දකින බව ද ඔහු සිය නිවේදනයෙන් දක්වා තිබෙනවා. 

ලිච්ඡවී ප්‍රතිපත්ති මත රට පාලනය කරන බවට පොරොන්දු දුන් පාලකයින් විසින් එම සිසුන්ට වනචාරි ලෙස පහරදීම ඛේදවාචකයක් බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ. 

වෘත්තිකයින්ට අපහාස කිරීම හා අවලාද නැගීම නවත්වා, සිසුන්ට තිරිසන් සතුන් ලෙස සැලකීම ද නවත්වා පාලකයින් අවසන් විසදුමක් වෙනුවෙන් දෑත් දිගු කළ යුතුයි. 

මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ජනපති අගමැති ප්‍රමුඛ සමස්ථ ආණ්ඩුවම සිසුන් විශ්ව විද්‍යාල ප්‍රජාව සහ වෛද්‍යවරුන් සමග සාකච්ඡා මේසයක අසුන් ගත යුතු බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.