Friday, April 19, 2024

General line - 0115112241

 අවිගත් පොලිස් බළමුළු 'ලහිරු වීරසේකරව අල්ලාගත් අවස්ථාවේ' CCTV දර්ශන (VIDEO)




අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර  අත්අඩංගුවට ගැනීමට අදාල CCTV දර්ශන වනවිට සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කර තිබෙනවා.

කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී මාධ්‍ය හමුවක් පවත්වා එම ස්ථානයෙන් පිටවෙද්දී ඔහු සහ තවත් ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයකු මෙලෙස (23) අත්අඩංගුවට ගැනුණා.


නිළ ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි එම දර්ශනවල දැක්වෙන්නේ.

පසුව ඔහුව මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ජූලි 5 වැනිදා දක්වා  රිමාන්ඩ් කරනු ලැබුවා.

CCTV දර්ශන පහතින් නැරඹිය හැකියි.