Friday, April 26, 2024

General line - 0115112241

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය ගැන ආරක්ෂක ලේකම් කතාකරයි




ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය භාර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යුද හමුදාපති ලූතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගෙන් ඉල්ලීමක් කර නොමැති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසනවා.

පුරප්පාඩුවී ඇති එම ධුරය භාර ගන්නා ලෙසට ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් යුද හමුදාපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමක දී ඔහු මේ බව කියා සිටියා. 

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ පුරප්පාඩුව සම්පූර්ණ කිරීමට ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපයේදී කටයුතු කරුණු ඇති බව ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා. 

පත්කිරීම් පිළිබඳව ජනාධිපති තුමා විසින් තාම තීරණයක් අරගෙන නෑ. තීරණය ලඟදීම ගනී. ඒ වුණාම මේක ප්‍රකාශයට පත් වෙයි. දැනට හිටපු මාණ්ඩලික ප්‍රධානී තුමා ඉවත් වුණා. එයා සේවා කාලය අවසන් කළා. දැන් අලුතින් එක්කෙනෙක් පත්කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. දැනට එතන ඉන්න නිලධාරින් මේ ධූරයේ කටයුතු කරනවා. ජනාධිපති තුමා ඉදිරියේදී නිවැරැදි තීරණයක් ගැනීමට කටයුතු කරනවා.