Friday, April 19, 2024

General line - 0115112241

දුම්රිය ස්ථාන රැසක ඩෙංගු මදුරුවන් බෝකරන බව අමාත්‍ය නිමල් සිරිපාල කියයි 




දුම්රිය ස්ථාන රැසක් වර්තමානයේ ඩෙංගු මදුරුවන් බෝකරන ස්ථාන බවට පත්කර ඇතැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. 

දුම්රිය ස්ථාන පිරිසිදුව තබා ගැනීම සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්ට වැඩි වගකීමක් පැවරී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මරදානේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ 78 වැනි සංවත්සරයට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙම අදහස් පළ කළා. 

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ රාජකාරිය පැය 08කට සීමා නොවිය යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී කියා සිටියා.