Thursday, March 28, 2024

General line - 0115112241

මධ්‍යම කඳුකරයට තද වැසි (PHOTOS)




මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රීයේ සිට කඩින් කඩ වැසි ඇදහැලෙමින් පවතිනවා. 

වර්ෂාවත් සමග තරමක් තද සුළං තත්ත්වයක් ද පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ඒ හේතුවෙන් මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ කිහිපයක වරින් වර විදුලි බිද වැටීම් ද සිදුව තිබෙනවා. 

වර්ෂාවත් සමග හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය සහ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක ඝණ මීදුම් තත්ත්වයක් ද පැවතුණා. 

මේ හේතුවෙන් උදෑසන කාලයේ එම මාර්ගවල ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.