Thursday, April 25, 2024

General line - 0115112241

ස්මාර්ට් නාන වතුර මලක් හඳුන්වාදෙයි




"Smart and Blue" නමැති ප්‍රංශ සමාගම විසින් ස්මාර්ට් වතුර මලක් (smart showerhead) එකක් හඳුන්වා දී තිබෙනවා.

ස්නානය කිරීමට ගොස් වතුර නාස්ති වෙන ප්‍රමාණය අවම කරගන්නට උපකාර කිරීම ප්‍රධාන කරගත් මෙම "Hydrao" නමැති Smart නාන වතුර මල, ඩොලර් 100කට අන්තර්ජාලයෙන් මිලදී ගත හැකිය.  

මෙම ස්මාර්ට් වතුර මල එහි විවිධ පැහැයන් (colors) වෙනස් කරමින්, භාවිත කරන ජල ප්‍රමාණයේ අඩුවැඩි ආකාරය පිළිබඳව ස්නානය කරන විට ඔබට සංවේදී වීමට ඉඩ සලසනවා. 

මේ අනුව එක් එක් පාට ඇති වෙන්නට යන ජල ධාරිතාව වෙනස් කරමින් හෝ කාලය අඩුකරමින්, Hydrao භාවිත කරන, සාමාජිකයන් 4ක් සිටින පවුලකට, වසරකට ඩොලර් 200ක් ජල විදුලිබිල්වලින් ඉතිරි කරගත හැකි බව ගණන් බලා තිබෙනවා.

පිරිසුදු ජලය ක්ෂය වෙන සම්පතක් සහ විදුලි බිල් අධික මිලකට යන අනාගතයට, මෙම ස්මාර්ට් Showerhead එකට මීටත් වැඩිය වටිනාකමක් ඇති විය හැකිය.