Saturday, April 20, 2024

General line - 0115112241

"මවුන්ට් ක්ලිෆර්ඩ් රේන්ජ්" නිවාස ව්‍යාපෘතිය හදුන්වාදෙයි




අයි.සී.සී සමාගම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමග එක්ව හෝමාගම ප්‍රදේශයේ සිව් මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතියක් හදුන්වා දී තිබෙනවා. 

"මවුන්ට් ක්ලිෆර්ඩ් රේන්ජ්" ලෙස නම් කර ඇති මෙම ව්‍යාපෘතිය අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ "සැමට සෙවණ නිවාස වැඩසටහන" යටතේ ක්‍රියාත්මකයි. 

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර 2019 වසරේ දෙවන කාර්තුවේදී සහ දෙවන අදියර 2020 වසරේ දෙවන කාර්තුවේදී අවසන් කිරීමට සැලසුම්කර තිබෙනවා.