Tuesday, April 23, 2024

General line - 0115112241

නින්දා අපහාස විඳීම ගැන හිටපු ජනපතිත් කතා කරයි




පැවති ආණ්ඩුව යම් වරදක් සිදු කළේ නම් එහි වගකීම එම ආණ්ඩුවේ සිටි අමාත්‍යවරුන් ද භාර ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ නින්දා අපහාස විඳීම තමන්ට ඉතා හුරු පුරුදු දෙයක් බවයි.

කුරුණෑගල ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. 

ආණ්ඩුවට විරුද්ධව අදහස් දැක්වුව ද තමන් කිසිවිටෙකත් රටට එරෙහිව අදහස් දක්වා නොමැති බවයි හිටපු ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කළේ.