Wednesday, April 24, 2024

General line - 0115112241

ජනපතිගේ ලියවිල්ලෙන් පසු සයිටම් ඉරණම විසඳෙයි




සයිටම් අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (24) පැවති සාකච්ඡාවේ දී ඇති කර ගත් එකඟතා ලියවිල්ලක් ලෙස ප‍්‍රසිද්ධ කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ අද (25) හෝ හෙට (26) දිනයේ දී ජනාධිපතිවරයා විසින් අදාළ ලියවිල්ල ප‍්‍රසිද්ධ කරනු ඇති බවයි.

ඉන් අනතුරුව මෙම ගැටළුව සම්පූර්ණයෙන් නිමාවට පත් වනු ඇති බව ද ඔහු සඳහන් කළා. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රජයේ  වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය ඊයේ දහවල් නිමා කෙරුණේ එම සංගමයේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවකින් පසුවයි.

එහි දී මූලික කරුණු තුනකට ජනාධිපතිවරයාගෙන් සාධනීය ප‍්‍රතිචාරයක් ලැබුණු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ. එහි දී ඇති කර ගත් එකඟතා ප‍්‍රසිද්ධියට පත් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දුවක් ද ලබා දී තිබෙනවා. 

මේ වන විට දිවයිනේ සියලු රෝහල්වල දෛනික ප‍්‍රතිකාර කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් හරිත අලුත්ගේ වැඩිදුරටත් සඳහන් කළේ.