Friday, April 19, 2024

General line - 0115112241

ලෝක දුම්වැටි විරෝධි දින සම්මානය ශ‍්‍රී ලංකාව දිනාගනී




ලෝක දුම්වැටි විරෝධි දිනය සඳහා වූ අග්නිදිග ආසියානු කාලපීය ගෝලීය සම්මානය ශ‍්‍රී ලංකාවේ දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය වෙත ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිරිනමනු ලැබ තිබෙනවා. 

ඒ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අග්නිදිග ආසියාතික කලාපීය රටවල් අතර දුම්කොළ පාලනය කිරීමේ ජාතික වැඩසටහන්වල අරමුණු සාක්ෂාත් කිරීම හේතුවෙන්. 

ශ‍්‍රී ලංකාව සැම විටම අග්නිදිග ආසියාතික කලාපයේ රටවල් අතර දුම්කොළ පාලන ක‍්‍රියාවලියේ දී ප‍්‍රමුඛ පෙලේ රටක් ලෙස ක‍්‍රියාකර ඇති බවයි දුම්කොළ සහ මධ්‍යාස පිළිබඳ ජාතික අධිකාරිය පැවසුවේ. 

දුම්කොළ වසංගතය මැඞ්ලීම සඳහා ඉදිරියේ දී ඉතා තියුණු වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බවද එහි සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් සඳහන් කළා.