Saturday, April 20, 2024

General line - 0115112241

ගත වූ පැය විසිහතරේ වැඩිම වර්ෂාපතනය රත්නපුරයට




ගත වූ පැය විසිහතරේ වැඩිම වර්ෂාපතනය රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වනවා. 

එහි අගය මිලිමීටර් 44 යි දශම පහක්. 

බස්නාහිර, මධ්‍යම හා සබරගමුව යන පළාත්වලින් මෙන්ම දකුණ, වයඹ, ඌව සහ උතුරුමැද යන පළාත්වලින් ද වැසි වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

සුළං වේගයද පැයට කිලෝ මීටර් 30කට ආසන්න බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. 

මේ දිනවල දහවල් කාලයේ උපරිම උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ යනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.