Friday, April 19, 2024

General line - 0115112241

විසඳුම් ඉල්ලා කිරි ගොවීන් විරෝධතාවක් අරඹයි (PHOTOS)




වර්තමානයේ රට පුරා කිරි ගොවීන් මුහුණපා ඇති ගැටළුවලට කඩිනම් විසඳුම් ඉල්ලා කිරි ගොවීන් දඹුල්ල නගරයේ දී අද විරෝධතා ව්‍යාපාරයක නිරත වුණා. 

විරෝධතාකරුවන් දඹුලූගම ක‍්‍රීඩාංගණයේ සිට කරත්ත පෙරටු කර ගනිමින් සටන් පාඨ කියමින් දඹුල්ල නගර මධ්‍යයට පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

නගරයට ධාරාණිපාත වර්ෂාවක් ඇද හැළුණ ද කිරි ගොවීන් සිය විරෝධතාව නතර කළේ නැහැ. 

ඊට එක්වූවන් පැවසුවේ දිනකට කිරි ලීටර් එක්ලක්ෂ විසිපන් දහසක් පමණ භාවිතයට නොගෙන විනාශ කර දමන බවයි. 
ගොවීන්ගේ කිරි මිල දී නොගැනීමට ප‍්‍රමිති සකස් කර ඇති බවත් කිරි නිෂ්පාදන ක‍්‍රමවත් නොවීමත් ඊට හේතුව බවයි ප‍්‍රකාශ කෙරුණේ. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන 29 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡුාවක් කැඳවා ඇති බව විරෝධතාවට එක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවා. 

විරෝධතාවයට එක් වූ කිරි ගොවීන් තමන් රැගෙන ආ කිරි ඉවත හලමින් නගර මධ්‍යයේ විරෝධතාවයේ නිරත වූ බවයි එය ආවරණය කළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.