Wednesday, April 24, 2024

General line - 0115112241

ඇමතිගේ බොරු පොරොන්දු නිසා ප්‍රදේශවාසින් විරෝධතාවයක් අරඹයි (PHOTOS)




පිළියන්දල - අම්බලන්ගොඩ 162/2 බස් මාර්ගය වසර 5ක් පුරා අබලන් වී ඇති බව ප්‍රදේශවාසින් පවසනවා. 

මේ වන විට මාර්ගයේ ගමන් කිරීමටවත් නොහැකි තත්වයක් උදා වී  තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

මෙම මර්ගය මීට වසරකට පෙර දී අම්බලන්ගොඩ ස.ණ.ස. විවෘත කිරිමේ උත්සවයේ දී බස්නාහිර පළාත් මහ ඇමති ඉසුරැ දේවප්‍රිය විසින් කපට් අතුරා මර්ගය පිළිසකර කර දෙන බවට පොරොන්දුවක් ද ලබා දී තිබෙනවා. 

එම පොරොන්දුව තවමත් ඉටු වී නොමැති බැවින් මේ වන විට ප්‍රදේශවාසින් විරෝධතාවයක් ද අරඹා තිබෙන බවයි දක්නට ලැබෙන්නේ.