Friday, April 19, 2024

General line - 0115112241

කේබල් කාර් කිහිපයක් එකිනෙක ගැටීමෙන් හතක් මරුට




ඉන්දියාවේ පාලනයේ පවතින කාශ්මීර ප‍්‍රාන්තයේ කේබල් කාර් කිහිපයක් එකිනෙක ගැටී අද (25) සිදු වූ අනතුරකින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයෙ පත්ව තිබෙනවා. 

අනතුර සිදුව තිබුණේ සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගත් ගල්මර්ග් සංචාරක නිකේතනය ආසන්නයේයි. 

අනතුර සිදුවන අවස්ථාවේ අධික සුළං සහිත කාලගුණික තත්වයක් ප‍්‍රදේශයේ පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.