Friday, March 29, 2024

General line - 0115112241

කොටදෙණියාවේ දී දියණිය ඝාතනය කළ පියා රිමාන්ඞ්




කොටදෙණියාව කිතුල්වල ප‍්‍රදේශයේ දී තම හය හැවිරිදි දියණිය ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ සැකකාර පියා ලබන මස 03 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත‍්‍රාත් චාන්දනී දයාරත්නගේ නියෝගයකට අනුවයි. 

සැකකරු පියා 47 හැවිරිදි වියේ පසු වනවා. 

ඉකුත් 23 වනදා රාත‍්‍රියේ තියුණු ආයුධයකින් පහර දී මෙම දියණිය ඝාතනය කර තිබුණා. 

එමෙන්ම සැකකරුගේ බිරිඳ හා නව හැවිරිදි තවත් දියණියකට ද පහරදී බරපතල තුවාල සිදුකර ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. 

මීරිගම රෝහලට ඇතුළත් කළ ඔවුන් බරපතල තත්වයේ පසු වූ බැවින් කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණා.