Tuesday, April 16, 2024

General line - 0115112241

170 ක් සමග තට්ටු 04 ක බෝට්ටුවක් දියේ ගිලෙයි (VIDEO)




සංචාරකයින් ඇතුළු 170 දෙනෙකු රැගත් බෝට්ටුවක් කොලොම්බියිවේ ග්වාටපේ සුප‍්‍රකට සංචාරක නිකේතනය අාසන්නයේ දී අනතුරකට ලක්ව තිබෙනවා.

බෝට්ටුව පෙරළීමෙන් සිදුවූ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව හයක්. තවත් 16 දෙනෙකු අතුරුදන්ව සිටිනවා. 133 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බෝට්ටුව ධාවනය කර විනාඩි පහක් ගතවනවාත් සමගම එය පෙරළී ගොස් තිබෙනවා. අනතුරට ලක්වූ බෝට්ටුව තට්ටු හතරකින් යුතු බවත් එම සෑම තට්ටුවකම සංචාරකයින් පිරී සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.