Thursday, April 25, 2024

General line - 0115112241

ගිනි අවි රැගත් කණ්ඩායමක් මහ දවල් වත්තලදී මුදල් කොල්ලකයි




වත්තල ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ රෙදි පිළි අලෙවි සැලක රුපියල් ලක්ෂ 78ක මුදලක් අද (26) කොල්ලකා තිබෙනවා.

රෙදි පිළි අලෙවි සැලේ එම මුදල කඩවත ප‍්‍රදේශයට රැගෙන යමින් සිටිය දී ගිනි අවි සහිතව මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙකු රාගම දී මෙම කොල්ලය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.