Tuesday, April 23, 2024

General line - 0115112241

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරක රිය අනතුරු දෙකක් (PHOTOS)




මීගමුවේ සිට හැටන් කොටගල දක්වා ධාවනය වු ත්‍රීරෝද රථයක් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරලයිනා ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් රියදුරා බරපතල ලෙස තුවාල ලබා වටවල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතල නිසා ඔහු වැඩි දුර ප්‍රතිකාර සදහා නාවලපිටිය මුලික රෝහල වෙත මාරුකර යවා ඇති බව වටවල පොලිසිය පවසනවා.

අද අලූයම 2.00 ට පමණ මෙම අනතුර සිදුවි ඇති බවත් ත්‍රීරෝද රථය අනතුරට පත්වන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුල තිදෙනෙකු ගමන් කර තිබෙනවා.

සෙසු අයට තුවාල සිදුවී නොමැති බවත් ත්‍රීරෝද රථයේ රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි අනතුර පිළිබඳව පරික‍ෂණ පවත්වන වටවල පොලිසිය පවසන්නේ.

මේ අතර හැටන් සිට ගිනිගත්හේන දක්වා භාණ්ඩ ප්‍රවහානය කරන පෞද්ගලික සමාගමකට අයත් ලොරි රථයක් කන්දක හැපී අනතුරක් සිදුවි ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසනවා.

කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩවල ප්‍රදේශයේදි අද පෙරවරු 11.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි.

පොලිසිය කියා සිටියේ ධාවනය වෙමින් තිබු ලොරි රථයේ හදිසියේ තිරිංග ක්‍රියාවිරහිත විම නිසා හැටන් සිට මහනුවර දක්වා ලොරි රථයට ඉදිරියෙන් ධාවනය වු ලංගම බස් රථයේ ගැටී ලොරි රථය ප්‍රධාන මාර්ගයේ කන්දක හැපී මෙම අනතුර සිදුවි ඇති බවයි. 

එම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර මේ දිනවල මධ්‍යම කඳුකරයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් වරින් වර මතුවන ඝණ මිදුමි තත්ත්වයත් හේතුවෙන් එම මාර්ගය ලිස්සන සුලු නිසා වාහන වල ඉදිරිපස ප්‍රධාන ලාම්පුව දල්වාගෙන සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන්, වටවල, ගිනිගත්හේන යන පොලිස් ස්ථාන වල රථ වාහන අංශයේ නිළධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.