Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකානු රජයේ වෙබ් අඩවි වෙත සයිබර් ප්‍රහාරයක්




අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්ත රජයේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

එම ප්‍රාන්තයේ ආණ්ඩුකාර ජෝන් කැසිච්ගේ වෙබ් අඩවියට ද සයිබර් ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. 

සයිබර් ප්‍රහාරයට ලක් වූ පරිගණක පද්ධතිවලට පිවිසෙන විට එහි ප්‍රදර්ශනය වන්නේ අයි එස් සංවිධානයේ පණිවුඩයක්. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ට හා මූලධර්මවාදීන්ට එරෙහිව ගෙන යන දැඩි ප්‍රතිපත්ති මෙවැනි සයිබර් ප්‍රහාරවලට හේතු වී ඇති බවයි.