Saturday, April 20, 2024

General line - 0115112241

කිලෝ දහයක ගෙඩියක් උදරයේ තිබී  ඉවත් කළ දඹුල්ල රෝහලේ සැත්කමේ ඡායාරූප (PHOTOS)




දඹුල්ල රෝහලේදී පිරිමියකුගේ උදරයේ තිබී කිලෝ දහයක ගෙඩියක් සැත්කමකින් ඉවත් කර තිබෙනවා.  


මෙසේ සැත්කමකට භාජනය කර  ඇත්තේ මැල්සිරිපුර  පදිංචි හැට දෙහැවිරිදි පුද්ගලයෙකුගේ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ඔහු දඹුල්ල රෝහලට ඇතුලත් වී ඇත්තේ උදරයේ ඇතිවූ අපහසුතාවක් නිසා  බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

දඹුල්ල රෝහලේ ශල්‍ය  වෛද්‍ය අජිත් අර්ථනායක, අකලංග පෙරේරා සහ ඉන්දිරා ගුණවර්ධන යන වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන්  ඇතුළු කාර්ය මණ්ඩලය අද (27) මේ විශේෂ සැත්කම සිදුකොට තිබෙනවා.

ඔහුගේ ආමාශයේ තිබී  කිලෝ 10ක් බරක් සහිත විශාල ගෙඩියක් ඉවතට ගැනීමට හැකිවූ බවත් රෝගියා යහපත්  තත්වයේ පසුවන බවත් වෛද්‍ය අජිත් අර්ථනායක සඳහන් කළා.