Tuesday, March 19, 2024

General line - 0115112241

ඩෙංගු නසන ප්‍රබලම අවිය ගැන ශී‍්‍ර ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය අවධාරණය කරයි



ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා බලධාරින්ගේ මෙන්ම ජනතාවගේද කැපවීම අත්‍යවශ්‍ය බව ශී‍්‍ර ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය අවධාරණය කරනවා.

එහි පරපෝෂිතවේදී හා කීට විද්‍යා අංශයේ අංශ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ ප‍්‍රකාශ කළේ ජනතාව පරිසරය රැක ගැනිමට ආකල්පමය වශයෙන් සූදානම්වීමද අත්‍යවශ්‍ය බවයි.

මෙම කරුණු අනාවරණ වුයේ නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ  (27) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ අන්ලිමිඩට් වැඩසටහනේදීයි.

බී ටී අයි බැක්ටීරියාව යෙදීමට වඩා ජනතාවගේ මැදිහත්වීම ඉතා වැදගත් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න)