Friday, March 29, 2024

General line - 0115112241

වසර ගණනාවක රන් ජාවාරමක් බැලුම්ගල ගවේෂණයෙන් පසු හෙළිවෙයි (PHOTOS)




පුරාවිද්‍යා ස්ථානවලින් ලබාගත් රත්රන් බව පවසා ජනතාව මුලා කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණ කර ගැනීමට වලාන දූෂණ මර්දන ඒකකය සමත් වී තිබෙනවා.

ඒ, නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටනට ලද තොරතුරක් මත සිදුකළ ගවේෂණයක ප‍්‍රතිඵලයක් ලෙසයි. 

මෙම ජාවාරමට සම්බන්ධ ප‍්‍රධාන පෙළේ සැකරුවන් දෙදෙනෙකු මහියංගණයේදී අත්අඩංගුවයට ගැනීමටද හැකි වුණා.

ඔවුන් සතුව තිබි රත්රන් බවට හගවා අළෙවි කිරීමට සූදානම් කර තිබූ රන් ආලේපිත ලෝහ කැබලි කිලෝග‍්‍රෑම් 2 ක් ද සොයාගැනීමට හැකිව තිබෙනවා. 

වසර ගණනාවක සිට දිවයිනේ ප‍්‍රදේශ රැසක මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවටයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.