Friday, April 19, 2024

General line - 0115112241

බණ්ඩාරවෙල බස් නෑ..පාසල් සිසුන් නෑ..කඩ වහලා - උමා ඔයේ කඳුළු නගරයම අඩපණ කරයි (PHOTOS)




උමාඔය බහුකාරී ව්‍යාපෘතියට එරෙහිව මේ වන විට බණ්ඩාරවෙල නගරයේ  හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

නගරයේ කඩ සාප්පු සියල්ල වසා දමා ඇති අතර බණ්ඩාරවෙල තොග වෙළෙදපොල සහ  එළවළු වෙළෙදපොල ද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

පුද්ගලික බස් රථ කිසිවක් බණ්ඩාරවෙල නගරයෙන් ධාවනය නොවන බවයි එහි සිටින nethnews.lk වාර්තාකරු සඳහන් කළේ..

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය, විශාකා, ශාන්ත ජෝෂප්, කුඩා කුසුම්, සීවලී හා ධර්මපාල විද්‍යාලයන් හි සිසුන් පැමිණීම ඉතා පහත මට්ටමක පවතින බවද ඔහු සඳහන් කළා. 

පාසල් වෑන් මගින් ද, පුද්ගලික බස් රථ මගින් ද සිසුන් ප්‍ර‍වාහනය නොකරන බව ඊයේ දිනයේ නිවේදනය කොට තිබුණා.

බිදුණුවැව සිට බණ්ඩාරවෙල දක්වා නගරයේ සෑම තැනම කළු කොඩි ඔසවා ඇති අතර කිණිගම ඇතුළු ප්‍රදේශ ගණනාවක  අවමංග්‍ය උත්සවයක්සඳහා  සකසන අයුරින්  කොඩි ඔසවා තිබෙනවා.


උමා ඔය බහු විනාශකාරී  ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැදවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා ප්‍ර‍මුඛ පිරිසක් සහභාගිවන දැවැන්ත ජන හමුවක් ද හර්තාලය අතරතුර පැවැත්වීමට නියමිතයි.