Saturday, April 20, 2024

General line - 0115112241

විදෙස් ශ්‍රේෂ්ඨාධිකරණයකට හෙළිකොප්ටරයකින් පැමිණ වෙඩි තබයි - ගුවනේ සිටම අත්බෝම්බ ප්‍රහාරයකුත් (VIDEO)




වෙනිසියුලානු ශ්‍රේෂ්ඨාධිකරණයට ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

හෙලිකොප්ටරයක සිට ශ්‍රේෂ්ඨාධිකරණය ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුවී ඇති අතර අත්බෝම්බ ප‍්‍රහාරයක්ද එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බවයි ජනාධිපති නිකොලස් මදුරෝ පවසා ඇත්තේ.

සමාජ මාධ්‍ය වෙත අදහස් පළ කර ඇති ඇසින් දුටුවන් පවසන්නේ පොලිස් හෙලිකෝප්ටරයක් නගරයට ඉහළ අහසේ සැරිසැරූ බවයි.

එක්වරම වෙඩිහඩ සහ පිපිරුම් හඩ ඇසුණු බවද ඔවුන් පවසා තිබෙනවා.