Saturday, April 20, 2024

General line - 0115112241

මේ දිනවල දකින කුමාරිකා ජංගම රූපලාවන්‍යාගාර රථය මගහරින්න එපා




කාන්තාවන් හට හිසකෙස් සඳහාම නිපදවූ පරිපූර්ණ නිෂ්පාදන පෙළක් පිරිනමන මෙරට එකම සන්නාමය වන කුමාරිකා, සිය සේවාවන් කාන්තාව වෙතටම ගොස් පිරිනැමීම සඳහා පසුගිය ජුනි මස 12 වැනිදා සිය 'සොබා රුවැත්ති' ජංගම රූපලාවන්‍යාගාරය වීදි සංචාරය ආරම්භ කළා. 

මෙහි පළමු අදියර ලෙස ජුනි මාසය පුරා වයඹ පළාතේ ප්‍රධාන නගර ආවරණය කෙරෙන අතර අනතුරුව ජුලි සහ අගෝස්තු මාස තුළ බස්නාහිර පළාතේ ද, සැප්තැම්බර් මාසය පුරා දකුණු පළාතේ ද 'කුමාරිකා සොබා රුවැත්ති' සංචාරය කිරීමට නියමිතයි.

මෙරට කාන්තාවන් වෙනුවෙන් පරිපූර්ණ හිසකෙස් සත්කාර අත්දැකීමක් ලබා දීම මෙම ජංගම සේවාවේ මූලික ඉලක්කයයි. මීට අමතරව, විශේෂයෙන් කුමාරිකා වෙතින් අලුතින් හඳුන්වා දුන් ෂැම්පූ, කන්ඩිෂනර් සහ හෙයාර් සීරම් නිෂ්පාදන අත්හදා බලමින් ඒවායේ ගුණය සහ ප්‍රතිපල අත්විඳීමේ අවස්ථාව ද මෙමගින් පාරිභෝගික ජනතාවට හිමි වෙනවා. 

කුමාරිකා සන්නාමය රැගත් අධි සුඛෝපභෝගී බස් රථයක මෙම ජංගම රූපලාවන්‍යාගාරය නිර්මාණය කර ඇති අතර, කුමාරිකා හෙයා ඔයිල් මසාජ්, හෙයා වොෂ් ට්රීිට්මන්ට්, හෙයා ගෘමිං ආදී සේවාවන් මෙන් ම කුමාරිකා නිෂ්පාදන මිලදී ගැනීමේ පහසුකම ද මෙම රථය තුළ ලබා දී තිබෙනවා. 

එකවර සිවුදෙනෙකුට මෙහිදී හිසකෙස් සම්බන්ධ විශේෂඥයින්ගෙන් සේවා ලබා ගත හැකි අතර, තමන්ගේ වාරය එන තුරු එම සේවාවන් සහ රූපවාහිනී තිර නරඹමින් රැඳී සිටීම සඳහා වෙනම පරිශ්‍රයක් ද මෙම රථය තුළ වෙන්කර තිබීම විශේෂත්වයක්. 

කාන්තාවන් හට අසමසම හිසකෙස් සත්කාර සේවාවන් දායාද කිරීමෙන් නොනැවතී ඔවුන් ජයග්‍රාහකයන් බවට පත් කිරීමට ද කුමාරිකා කණ්ඩායම මෙහිදී කටයුතු කර තිබෙනවා. ඒ අනුව, රු. 100ක වටිනාකමින් යුතු නිෂ්පාදන මිලදී ගන්නා ඕනෑම අයෙකුට හිසකෙස් රැක බලා ගැනීම පිළිබඳ නොමිලේ උපදෙස් ලබා ගත හැකි අතර, රු. 250ට වැඩි මිලදී ගැනීමක් සිදු කරන ඕනෑම අයෙකුට නොමිලයේ ම ඔයිල් මසාජ් එකක් ද, රු. 500ට වැඩි නිෂ්පාදන මිලදී ගන්නා ඕනෑම අයෙකුට රූපලාවන්‍ය  භාණ්ඩ බහාලන උපාංගයක්  සහ හෙයා වොෂ් ට්‍රීට්මන්ට් එකක් නොමිලයේ හිමි වෙනවා. 

මාස හතරකට අධික කාලයක් පුරා දිවයිනේ පළාත් තුනක් ආවරණය කෙරෙමින් සංචාරය කරන කුමාරිකා සොබා රුවැත්ති ජංගම රූපලාවන්‍යාගාරය තුළ හිසකෙස් පිළිබඳ විශේෂඥයෝ තිදෙනෙක් රැඳී සිටිමින් සෑම පාරිභෝගිකයෙකුට ම විශේෂඥ සේවාවක් ලබා දීම වෙනුවෙන් කැප වෙනවා.