Thursday, April 25, 2024

General line - 0115112241

සයිටම් විරෝධී පාගමනට ඉල්ලූ වාරණය ප්‍රතික්ෂේප වෙයි




සරසවි සිසුන් විසින් පවත්වන විරෝධතා පාගමනක් වළක්වන ලෙසට පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අද (28) ප්‍රතික්ෂේප කළා.

යම් හෙයකින් මහජනතාවට අවහිරතාවක් සිදු වුවහොත් පොලිසියට ඒ අනූව ක්‍රියා කිරීමේ බලය හිමිවන බවයි මහේස්ත්‍රාත්වරයා දන්වා ඇත්තේ. 

මෙම පාගමන කොළඹ පුරහල විහාරමහාදේවි උද්‍යානය අසලින් ආරම්භ වී කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා පැමිණීමටයි නියමිතව ඇත්තේ. 

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ සරසවි සිසුන්ගේ දෙමාපියන් මෙම පාගමනට එක්වනවා. 

මෙම විරෝධතාකරුවන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ඉදිරිපිටට පැමිණ දින 05ක සත්‍යක් ග්‍රහයක නිරත වීමට සූදානමක් ඇති බවට බුද්ධි අංශ තොරතුරු ද ලැබී ඇති බවයි පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ.