Thursday, April 25, 2024

General line - 0115112241

රොෂාන් මහානාමගේ පියා අභාවප්‍රාප්ත වෙයි




හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම තරග ක්‍රීඩකයෙකු ද වූ රොෂාන් මහනාමගේ පියාණන්වන උපාලි මහානාම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

උපාලි මහානාම මහතා මිය යන විට පසු වුණේ 77 වැනි වියේ. 

ඔහු කලක් ක්‍රිකට් විනිසුරු සංගමයේ සභාපතිවරයෙකු ලෙස ද කටයුතු කළා. 

උපාලි මහානාම මහතාගේ දේහය මේ වනවිට තැන්පත් කර ඇත්තේ නුගේගොඩ, ස්ටැන්ලි තිලකරත්න මාවත, නෙළුම් Place,178/1c  දරන නිවසේයි. 

අද පස්වරු 04 සිට ඒ මහතාගේ දේහය කොළඹ 07, රෝස්මිඩ් Place 100 / 02 දරන නිවසේ තැන්පත් කිරීමට නියමිතයි. 

අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේ දී හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.