Thursday, April 25, 2024

General line - 0115112241

රිය අනතුරකින් දෙදෙනෙකු මරුට




හබරණ - පොළොන්නරුව මාර්ගයේ අඹගස්වැව ප්‍රදේශයේ දී වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. 

මෙලෙස මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් වයස අවුරුදු 34 සහ 46 පසුවන පුද්ගලයින් දෙදෙනෙක්. 
අද උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. 

වෑන් රථයේ ගමන් ගත් රියදුරු තුවාල ලබා මේ වනවිට හබරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.