Saturday, April 20, 2024

General line - 0115112241

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් විශේෂ කාර්ය බලකායට ඩිංගි බෝට්ටුවක්




කැළණි ගඟේ හත්දූවවත්ත ප්‍රදේශයේ සිදුවන අනවසර මැණික් ගැරීම් වළක්වාලීමේ අරමුණින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් විශේෂ කාර්ය බලකාය වෙත ලබාදෙන ඩිංගි බෝට්ටුව නිල වශයෙන් විශේෂ කාර්ය බලකාය වෙත පැවරීම අද පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති කාර්යාලයේදී සිදුවුණා. 

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති කිත්සිරි දිසානායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක‍ෂවරුන් වන ඩී.ජී.ඩබ්ලිව් අමරසිරි, ප්‍රදීප් තේනුවර යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා.