Friday, April 19, 2024

General line - 0115112241

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අනාගතය ගැන රජයෙන් පැහැදිලි කිරීමක්




නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පූර්ණ අයිතිය වසර 10 කින් පසු රජයට හිමි වන බව රජය අද (28) ප්‍රකාශ කළා. 

මෙම රෝහල පිහිටුවීම සඳහා ගෙන ඇති ණය මුදල එම ආයතනය මගින් සම්පූර්ණයෙන් ගෙවා දැමීමෙන් පසු මෙලෙස රජයට හිමි වන බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ.

ඉකුත්දා ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් ද මෙම මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අදහස් දැක්වූවා. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව මේ වනවිට වෛද්‍යවරු කණ්ඩායමක් පෙළ ගැසෙමින් සිටින බව ද මෙහි දී ප්‍රකාශ කෙරුණා.